Politics Sri Lanka

බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න

බැඳුම්කර නඩුවේදී අධිකරණයෙන් දුන් නියෝග 10 මෙන්න

වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එවකට අධ්‍යක්ෂ, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ ර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යත්ෂ කසුන් පලිසේන සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග 10ක් ලබා දී තිබේ.

එම නියෝග මෙසේය.

  1. අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම්,
  2. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග,
  3. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ ගනුදෙනු අරබයා ශ්‍රී ලංකා මහා බැංකුවේ විද්‍යුත් මුදල් හුවමාරූ ගිණුම් දෙකකට මුල්‍ය මණ්ඩලය විසින් පනවා ඇති තහනම ඉවත් නොකිරීමට මුල්‍ය මණ්ඩලයට නියෝග,
  4. කිසිඳු ප‍්‍රමාදයකින් තොරව බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ මුලික ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට නියෝග,
  5. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසිඳු පාර්ශවයකට තෑගි කිරීම, මාරූ කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් විශේෂ නියෝගයක්,
  6. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පෙබරවාරී 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග, එම නියෝගය සිංගප්පුරූ ජාත්‍යයන්තර පොලීසිය හරහා මහෙන්ද්‍රන් මහතා පදිංචි ස්ථානයට යැවීමට නියෝග,
  7. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ සිදුකළ සෑම බැඳුම්කර ගනුදෙනුවකටම අදාළ විස්තරාත්මක ලියකියවිලි වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට නියෝග,
  8. 2015 පෙබරවාරී සිට 2016 මාර්තු දක්වා කාලයේදී බැදුම්කර ගනුදෙනු වලින් ලබාගත් ලාභයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අත්පත්කරගත් වත්කම් පිළිබද ලැයිස්තුවක් ලබා ගන්නා ලෙස නියෝග,
  9. බැඳුම්කර කොමිසම විසින් එක්රැස් කරගත් දේවල් (දුරකථන හා පරිගණක) වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරික්‍ෂණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස බැදුම්කර කොමිසමේ ලේකම්වරයාට නියෝග,
  10. 2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියළු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ගෙස මහා බැංකුවට නියෝග.