Gossips

නිදහස් පක්ෂ දඹුල්ල සම සංවිධායක ධුරයෙන් යූ.ආර්. දයා නන්දසිරි ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල සම සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් තමන් මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් නිදහස් පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු යූ.ආර්. දයා නන්දසිරි ජනාධිපතිවරයා විසින් එහි සම සංවිධායක ධුරය සඳහා පත් කරනු ලැබුවා.