Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

සූරියවැව – සුරුවිරුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද අලූයම් කාලයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 38 හැවිරිදි දෙදරු පියෙක්.
අලුයම් කාලයේ අසල නිවසකට කඩා වැදුනු වන අලියෙක් එලවා දැමීම සඳහා මෙම පුද්ගලයා ද විදුලි පන්දමක් ද අතැතිව නිවසින් එළියට ගොස් තිබෙනවා.
එහිදී අසල්වැසි නිවස දෙස සිට පැමිණි වන අලියා මෙම පුද්ගලයාට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
බරපතල තුවාල ලැබූ ඔහු හම්බන්තොට රෝහලට ඇතුලත් කෙරුනු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරකර යවා තිබුනා.
එහිදීයි ඔහු මියගොස් ඇත්තේ.
මෙම පුද්ගලයාට වයස අවුරුදු 7 ක සහ 10 ක දරුවන් දෙදෙනෙකු ද වන බව අප වාර්තාකරු සඳහන් කළා.
ඔහුගේ බිරිඳ ද මීට වසරකට පෙර සිය දිවි හානිකරගෙන මිය ගොස් තිබුණා.