Gossips

ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිළි කිරීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජපාන සංචාරයේ ශ්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද එක්ව සිටින බවට පළවන පුවත් සත්‍යතාවකින් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ එය අසත්‍ය ප්‍රවෘත්තියක් බවයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධාන කල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් ඥානසමාර හිමියන් ද සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේ ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින් ජනාධිපතිවරයාගේ දුත පිරිස අතරට ඥානසාර හිමියන් ද එක්වු බව පවසමින් මෙම පුවත් පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය කියාසිටියේ.
එබැවින් එම පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔවුන් නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.