Gossips

ගුවන්යානයකින් ඇද වැටී ගුවන් සේවිකාවක් මරුට

උගන්ඩාවේ ගුවන්තොටුපලකදී ගුවන්යානයක හදිසි දොරටුවකින් ඇද වැටීමෙන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නතර කර තිබු යානයට මගීන් ඇතුලු කර ගැනීමට සුදානම් කරමින් තිබියදී මෙම සේවිකාව අතින් හදිසි දොරටුව විවෘත වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එහිදී ඇය ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.
මෙම සේවිකාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ.
සිද්ධිය පිළිබඳ උගන්ඩා ගුවන්ගමන් පාලක බලධාරීන් ද විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
ආරක්ෂිතව නතර කර තිබූ යානයේ හදිසි දොරටුව සේවිකාව අතින් විවෘත වීමෙන් අනතුර සිදුව ඇති බවටයි උගන්ඩා බලධාරීන් සිදුකළ මුලික විමර්ශණවලින් පසුව ප්‍රකාශකර ඇත්තේ.
ගුවන් සේවිකාවගේ මුහුණ පුරා සහ දණහිස්වල තුවාල රැසක් තිබු බව රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.
රෝහලට රැගෙන එන විට ඇයගේ සිහි විසඥවී තිබුන ද ජීවිතය ආරක්ෂාවී තිබු බවයි ඔවුන් හෙළිකර ඇත්තේ.
කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් ටික වේලාවකට පසු ගුවන් සේවිකාව මියගොස් තිබෙනවා.