Gossips

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පන්දු යැවීමට තීරණය කරයි

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.
අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි.
බංග්ලාදේශ කණ්ඩායමේ ආබාධයකට ලක්වු ශකීබ් අල් හසන් අද තරගයේදී කණ්ඩායමට එක්වන බවයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ.
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් තිසර පෙරේරා අද කණ්ඩායම මෙහෙයවනවා.