Gossips

මෝදර ප්‍රදේශයේ මාර්ග කිහිපයක ගමනාගමනයට සිමා

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ මහවත්ත සිට බෝගහ වත්ත දක්වා මාර්ගය හෙට (17) උදෑසන 9 සිට ලබන 19 වැනිදා සවස 5 දක්වා ගමනාගමනය සිමා කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
මෙසේ ගමනාගමනය සිමා කිරීමට තීරණය කර ඇත්තේ එම ප්‍රදේශයේ මාර්ගයේ සිදුකරනු ලබන ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
එම නිසා මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.