Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
ඊට අදාළ තවත් සාකච්ඡාවක් අද (16) උදෑසන පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදීයි.
විශ්වාසභංගය සඳහා සහය දක්වන රජයේ පාර්ශවයේ මැති ඇමතිවරුන්ගේ සහය ලබාගැනීම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ සිටිනවා.
එහිදී මෙම අත්සන් තැබීම සිදුවන බවයි රංජිත් සොයිසා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කරුණු කිහිපයක් මුල් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත මෙම විශ්වාසභංග යෝජනාවට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අත්සන් ලබාගත් පසුව ලබන සතියේ දිනෙකදී කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියා.