Gossips

පිටියේ සිය අණසක පැතිරූ සුපිරි ක්‍රිකට් තරුවට ප්‍රබල චෝදනාවක්

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි විස්සයි විස්ස දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ මේ දිනවල පැවැත්වෙන පකිස්ථාන් සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුරයි.
එම තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමට ක්‍රීඩා කරන නරයින්ගේ පන්දු යැවීම ඉරියව්ව සම්බන්දයෙන් චෝදනා එල්ල වුනේ Quetta Gladiators සමග තරගයේදීයි.
මේ අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්දයෙන් වාර්තාව පකිස්ථාන් සුපර් ලීග් තරග සංවිධායකයින් විසින් කොදෙව් ක්‍රිකට් ආයතනට යැවීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය සමග ඔහුගේ ඉරියව්ව්ව නිවැරදි කිරීම හෝ පැනවෙන තරග තහනම පිලිබදව පියවරක් ගනු ඇති.
මේ අනුව නරායින්ට මෙවර IPL තරගාවලියද අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා.
මේ අතර මීට පෙර ද ඔහුට පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර එහිදී ICC ය විසින් සිදුකළ විශේෂ පරීක්ෂනයකදී ඔහුගේ ඉරියව් නිවැරදි කිරීමෙන් අනතුරුව යලි පන්දු යැවීමේ අවස්ථාව හිමුවූවා.