Gossips

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කළා.
එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.
සිද්ධියේ සැකකරුවන් ලෙස යුක්රේනයේ පදිංචි පුද්ගලයින් 5 දෙනෙකු සහ සමාගමක් ද නම් කර ඔවුන්ට නොතීසි නිකුත් කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වුණා.