Gossips

සීගිරියෙන් මතුවූ සිංහ රූපයෙන් ඵෙතිහාසික හෙළිදරව්වක්

සීගිරිය උතුරු දිය අගලේ සිදුකරන ලද කැණීම්වලින් සිංහ රූපයක් හමුවීමත් සමඟ සීගිරිය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
පසුගියදා සිදුකළ කැණීම්වලදී සිංහ රූපයට අමතරව පබළු, යකඩ පුරාවස්තු සහ ටෙරාකොටා මැටි බඳුන් කිහිපයක් සොයාගත් බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළේ.
කැණීම් තුළින් හමුවු මැටි බඳුන් විශේෂය විදේශීය සම්භවයක් සහිත බැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ ජාත්‍යන්තර සබඳතා පිළිඹිඹු වන බවයි මහාචාර්යවරයාගේ මතය වී ඇත්තේ.
රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවයක් පවත්වා ඇති බවටද මෙමඟින් පැහැදිලි වී තිබෙනවා.