Gossips

කොළඹ කසල මුතුරාජවෙල කසල අංගනයට

කොළඹ කසල නිසි අයුරින් වෙන්කර ලබාදෙන්නේ නම් මුතුරාජවෙල කසල අංගනයට කසල බැහැර කිරීමට සූදානම් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
කොළඹ නගරයේ ඇති වී තිබෙන කසල ගැටලූව සම්බන්ධයෙන් ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.