Gossips

නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

පල්ලම – කම්මන්දළුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 1050 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 25 හැවිරිදි ආඩිගම – සාමගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.