Gossips

රටම බලා සිටින සුපිරි තරඟාවලියට දින නියම වෙයි

මෙම වසරේ ඔක්තෝබරයේ දී සිදුකිරීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ කාල සටහන අද (15) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ටෙස්ට් තරඟ තුනක්, එක්දින තරඟ පහක් සහ පන්දුවාර විස්සයි විස්ස තරඟයක් එංගලන්ත කණ්ඩායමේ තරඟ සංචාරයට ඇතුළත්.
ඔක්තෝම්බර් 10 වනදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දෙරට අතර පළමු එක්දින තරඟය පැවැත්වෙන අතර 13, 17, 20 සහ 23 යන දින වලදී අනෙකුත් එක්දින තරඟ 04 පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
තරඟවලියේ පැවැත්වෙන එකම පන්දුවාර 20 තරඟය ඔක්තෝම්බර් 27 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය නොවැම්බර් මස 06 වනදා සිට 10 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
දෙවන ටෙස්ට් තරඟය නොවැම්බර් 14 සිට 18 දක්වා පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
දෙරට අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 23 වනදා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.