Gossips

සෞඛ්‍ය ඇමති සහ ලේකම් අත්අඩංගුවට ගන්නැයි සයිටම් දෙමාපියන් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා අත්අඩංගුවට ගත යුතු බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය පවසනවා.
එහි කැඳවුම්කරු ගැමුණු විජේරත්න කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ ක්‍රියාවක් බවයි.
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අලෙවි කිරිමට තීරණය කර ඇත්තේ රෝහල ඉදිකිරිම සඳහා ලබා ගත් ණය ගෙවීමේ අරමුණින් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊයේ (14) ප්‍රකාශ කළා.
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් බවට රජය මීට පෙර ප්‍රකාශ කළේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති සිසු විරෝධතා අතරතුරදියී.
පසුගිය ජුලි මස 17 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අතර ඊට අදාළ ගිවිසුමකටද අත්සන් තැබුණා.
ඒ සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්ව සිටි අතර, ගිවිසුමේ පාර්ශවකරුවෙකු ලෙස රෝහල ඉදිකිරීමට ණය ලබාගත් රාජ්‍ය බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාද එදින ගිවිසුමට අත්සන් තැබුවා.