ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට රැගෙන ආ ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරින් විසින් ඊයේ (14) පෑලියගොඩ රේගු අංගනයේ තිබී සොයාගෙන තිබෙනවා.
මේ වල් නාශක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.
ගල්යිෆොසෙට් නමැති තහනම් වල් නාශකය රජය විසින් 2015 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක මගින් තහනම් කරනු ලැබුවා.
මෙලෙස රැගෙන ආ භාණ්ඩ අතර පාවහන්, බීඩි සහ දුම්කුඩු විශේෂයක් තිබු බවයි රේගුව පැවසුවේ.
සමස්ත භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 106 ක් පමණ වන බවත් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මේ භාණ්ඩ මෙරට ගෙන්වා ඇති බවත් දැනට සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරන බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න අප සමඟ පවසා සිටියේ.