Gossips

තීරණාත්මක හෙට තරඟය ගැන හතුරු අද කියපු කතාව

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය හෙට (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි.
මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද (15) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.
ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
"කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. ඊයේ තරඟය බලන්න කාසියේ වාසිය දිනලා පස්සේ බැට් කරලා තරඟය පැරදුනා. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහමද තරඟ වදින්නේ කියන සැලැස්ම අපි ලඟ තියනවා. මට හෙට තරඟය සම්බන්දයෙන් කිසිදු පීඩනයක් නෑ. මම දන්නේ නෑ පීඩනය කියන්නේ මොකක්ද කියලා. හෙට තරඟය අපිට තවත් තරඟයක් විතරයි."
බංග්ලාදේශ සමඟ තරඟය පරාජය වීම ගැනද මේ මාධ්‍ය හමුවේදී පුහුණුකරු හතුරුසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරැ ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ,
"ඔව් ඒ තරඟයේදී අපේ පන්දු යවන්නන් හරියට කළේ නැහැ. ඒ තරඟයේදී අපි කරපු වැරදි මොනාද කියල අපි දන්නවා. ඒ වගේම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරද ගැන අපේ අවධානය යොමු වෙලා තියනවා. ඒ තත්වය මඟහරවා ගැනීම ගැන අපි කතා කරලා තියනවා."
සකිබ් අල් හසන් යළි බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වීම ගැනද හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.
ඊට ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්,
"ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් සිදුවීම, සකිබ් යළි පැමිණීම වගේ දේවල් ඔවුන්ට ලැබෙන වාසි. අපි කල්පනා කරන්නේ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් අපි බලලා තියනවා, මේ තරඟාවලිය ආරම්භ කරද්දී අපි හිතුවා මේ අය තමයි අපේ හොදම පන්දු යවන්නෝ කියලා. අපි තාමත් ඒ අය ගැන විශ්වාස කරනවා. අපි කියන්නේ නෑ ඒ අයට බෑ කියලා. මම කියන්නේ ඒ පන්දු යවන්නෝ ඔවුන්ගේ දක්ෂතා හරියට පෙන්නුවේ නෑ කියලා."
rnrnrnrnrnrn