Gossips

නීති විරෝධී ජාවාරමකින් සිදුවෙන්න ගිය මහා විනාශයක් වැළකුණේ මෙහෙමයි

හිරු CIA කල හෙලිදරව්වකින් පසු විල්ගමුව මහියංගණය ප්‍රධාන මාර්ගයේ විල්ගමුවේ මහවැලි ගඟ මතින් තනා ඇති නිපෝන් පාලම දෙපස වැලි කැණීම් වහාම නතර කරන්නට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා.
පාලම දෙපස දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද බලපත්‍ර ඇතිව සහ නැතිව මහා පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරම නිසා නිපොන් පාලම දැඩි අනතුරකට ලක්ව ඇති බවත් මහා පරිමාණ පරිසර දුෂණයක් සිදුවන බවත් හිරු CIA අනාවරණය කළා.
දිගින් දිගටම පාලම දෙපස සිදු කල වැලි කැණීම් නිසා කෝටි ගණනක පිරිවැයක් දරමින් ඉදිකළ පාලම විනාශ වී සිදුවන්නට ගිය මහා අනතුර පිළබදව මෙහිදී හිරු CIA විසින් දැඩි අවධානයක් යොමු කලා.
මේ අනුව පාලමේ සිට කිලෝ මීටර් 01ක ප්‍රමාණයක් වැලි කැනීම් සිදුකිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අද (15) තීරණය කළා.
හිරු CIA කල මෙම අනාවරණයට ස්තුතිය පල කරමින් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කලේ නව නීති ගෙනෙමින් මේ සිදුවන විනාශය නතර කරන්නට පිවරගන්නා බවයි.