Gossips

අනවසර වෛද්‍ය සායන ගැන විමර්ශන ඇරඹේ

අනවසරයෙන් ඉන්දීය වෛද්‍යවරුන් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පවත්වන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට ඊයේ(14) ලබාදී ඇති බව සඳහන්.
විදේශීය වෛද්‍යවරුන් මෙරට සායන පවත්වන්නේ නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්ය වන අතර, එය උල්ලංඝනය කරමින් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පැවැත්වෙන බවට වාර්තා පළව තිබුණා.