Gossips

ජපාන අග්‍රමාත්‍යවරයාගෙන් ජනපතිට රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජපාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ ඇති අතර එය ශක්තිමත්, මිත්‍රශීලි මෙන්ම විශ්වසනීය සබැදියාවක් බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින්.
ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම භෝජන සංග්‍රහය පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ජපානය සෑමවිටම ශ්‍රී ලංකාවේ අවංක මිතුරෙකු ලෙස කටයුතු කරන අතර ඉදිරියේදී එම සබදතා සෑම ක්ෂේත්‍රයක් තුලින්ම වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහය ලබාදෙන ප්‍රධාන රටක් ලෙස ජපානය සහ එම ජනතාව පිළිබඳ මෙරට ජනතාව තුල ඇත්තේ මහත් ගෞරවයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
දෙරට අතර පවතින ආයෝජන සහ සහයෝගිතා වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පසුගිය දින කිහිපයේ පැවති සාකච්ජාවලදී එකගතාවයන් රැසකට එළැඹීමට හැකි වු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.