Gossips

තිස්සමහාරාමයේ වෙළඳසැල් දෙකක ගින්නක්

තිස්සමහාරාම නගරයේ වෙළඳසැල් දෙකක අද (15) පෙරවරුවේ හටගත් ගින්නකින් එම වෙළඳසැල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
තීන්ත අලෙවිසැළක පළමුව මෙම ගින්න හටගෙන ඇති අතර, පසුව එය අනෙක් වෙළඳසැලටද පැතිර ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වීරවිල ගුවන් හමුදා කඳවුරේ සාමාජිකයින්ගේ සහය ඇතිව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පසුව නිවා දමනු ලැබුවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.