Gossips

අල්ලස් ගත් ආයුර්වේද නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 50,000 ක අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මහරගම ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන සහකාර නීති නිලධාරියෙකු සහ සූත්‍ර කමිටු සාමාජිකයෙකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (14) අත්අඩංගුවට ගත්තා.
ආයුර්වේද නිෂ්පාදන සමාගමක් සඳහා මේ වසරට අදාළව බලපත් ලබාදීම සඳහා අදාළ ලිපි ගොනු අනුමත කර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක මුදලක් මොවුන් ඉල්ලා තිබෙනවා.
පසුව එය ලක්ෂ දෙකහමාරකට අඩු කර ඇති අතර, ඉන් අත්තිකාරම් මුදලක් ලෙසයි රුපියල් 50,000 ක මුදලක් ඊයේ (14) දිනයේදී ලබාගෙන ඇත්තේ.