Gossips

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල දිවියෙන් සමුගනී (ඡායාරූප)

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (14) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දින කිහිපයකට පෙර හදිසියේම රෝගාතුර වූ ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව දින කිහිපයක් සිහි නොලබාම සිටි බව සඳහන්.
මිය යන විට ඇය 72 වැනි වියෙහි පසු වූ ඇය "සැනසුම කොතැනද " චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ " ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට පිවිසි තිබෙනවා.
එඩ්නා සුගතපාල ‘සූරයන්ගේ සූරයා ", "මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘`ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙන අතර ඇය අවසන් වරට රඟපෑ ‘ඉස්කෝලෙට මං ආවා" චිත්‍රපටිය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.
එක් දියණියකගේ මවක වු ඇය කලා ක්ෂේත්‍රයේ සිටි එකම ජෝතිශ්‍යවේදිනිය ද වුණා.
අවසන් කටයුතු පිළිබද තවමත් දැනුම් දී නැහැ