Gossips

මුලතිව්හිදී අතුරුදන්වූ ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම්

මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්වූ ධීවරයින් තුන්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
මීට අමතරව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් සහ නාවික හමුදාවේ අධිවේගී නිරීක්ෂණ යාත්‍රාවක්ද යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.
පසුගිය 12 වනදා නයාරු ධීවර වරායෙන් මුහුදු ගිය මෙම ධීවරයින් තුන්දෙනා හලාවත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින්.