Gossips

මහනුවර ප්‍රදේශ කිහිපයකට තවමත් පොලිස් ආරක්ෂාව

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ නොසන්සුන්තාව හටගත් ප්‍රදේශ කිහිපයකට තවමත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
සිද්ධියෙන් හානියට පත්වූ දේපළ තක්සේරු කිරීම අවසන් අදිරයේ පවතින බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.බී. හිටිසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ අතර මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානය අද පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, එම සිද්ධියේදී පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල ඉදිරිපත් කළේ සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සහ එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකද අද මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.