Gossips

වාර්තාවක් පිහිටුවමින් යලිත් කාන්තාවක් ජර්මනිය අතට ගනී

ජර්මනියේ මාස 6ක කාලයක් පුරාවට ඇදී ගිය දේශපාලන අර්බුදය නිමා කරමින් අඛණ්ඩව ජර්මනියේ 4වන චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කල් මහත්මිය අද(14) දිවුරුම් දුන්නා.
මහා මැතිවරණයේදී ඇන්ජෙලා මර්කල් නායකත්වය දුන් සන්ධානය මැතිවරණය ජයග්‍රහණය කලද ඔවුන්ට හිමුවනේ 33%ක ඡන්ද ප්‍රතිශතයක්.
ඒ අනුව ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අනෙක් වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එකගතාවයකට පිවිසෙන්නට මාස 6ක පමණ කාලයක් ගතවුණා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු බහුතරය ලබාගත් ඇන්ජෙලා මර්කල් සිව්වන වරටත් චාන්සලර්වරිය ලෙස දිවුරුම් දුන්නේ එම ධුරයට සිව්වතාවක් පත් වූ පළමු පුද්ගලයා බවට පත්වෙමින්.