Gossips

රජයට පැවරූ නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණන හේතුව හෙළිවේ

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අලෙවි කිරිමට තීරණය කර ඇත්තේ රෝහල ඉදිකිරිම සඳහා ලබා ගත් ණය ගෙවීමේ අරමුණින් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඊට ගැණුම්කරුවෙකු සොයා පුවත්පත් දැන්වීමක්ද පසුගියදා පළ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදියි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මෙම කරුණු අනාවරණ කළේ.
මේ පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට සඳහා අප යළි කිහිපවතාවක්ම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ දුරකථනය ඇමතුවද ඔහු ඊට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.
කෙසේ වෙතත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් බවට රජය මීට පෙර ප්‍රකාශ කළේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති සිසු විරෝධතා අතරතුරදියී.
පසුගිය ජුලි මස 17වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අතර ඊට අදාළ ගිවිසුමකටද අත්සන් තැබුණා.
ඒ සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්ව සිටි අතර, ගිවිසුමේ පාර්ශවකරුවෙකු ලෙස රෝහල ඉදිකිරීමට ණය ලබාගත් රාජ්‍ය බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාද එදින ගිවිසුමට අත්සන් තැබුවා.