කඩිනමින් රැකියා ලබාදෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා.
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ සංවර්ධන නිලධාරි තනතුරු සඳහා අයදුම්පත් කැඳවා මාස 7කට ආසන්න කාලයක් ගත වුවත් මේ වනතෙක් බලධාරින් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරක් දක්වා නොමැති බවයි.
පොලීසිය සහ විරෝධතාකරුවන් අතර එහිදී වචන හුවමාරුවක්ද සිදුවුණා.
පැය 4 ක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිටි රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාව අවසන් කර විසිර ගියේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙකු පැමිණ ඔවුන්ගේ ඉල්ලීම්වලට මාසයක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුවයි.