Gossips

කණ්ඩායම් තුනටම තීරණාත්මක නිදහස් කුසලානයේ අද තරඟය

ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට හැකි වනවා.
නමුත් අද තරඟය බංග්ලාදේශය ජයගතහොත් ශ්‍රී ලංකාවට දරුණු ගැටලුවකට මුහුණදීමට සිදුවන අතර ඔවුන්ට අවසන් තරඟයට පිවිසීමට මීළඟ බංග්ලාදේශය සමඟ තරඟය ඉහළ ලකුණු ලබාගැනීමේ දළ වේගයක් සමගින් ජයග්‍රහණය කිරීමට සිදුවනවා.
කෙසේ වුවත් අද තරඟය පරජය වුවහොත් ඉන්දියාවටද අවසන් මහා තරඟයට පිවිසීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවනු ඇති.
මේ අතර අද තරඟයට බොහෝදුරට එක්වියහැකි ඉන්දීය කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
Bangladesh (probable):
1 Tamim Iqbal,
2 Soumya Sarkar,
3 Liton Das,
4 Mushfiqur Rahim (wk),
5 Mahmudullah (capt),
6 Sabbir Rahman/Ariful Haque,
7 Mehidy Hasan,
8 Mustafizur Rahman,
9 Taskin Ahmed/Abu Jayed,
10 Rubel Hossain,
11 Nazmul Islam
India (probable):
1 Rohit Sharma (capt),
2 Shikhar Dhawan,
3 KL Rahul,
4 Suresh Raina,
5 Manish Pandey,
6 Dinesh Karthik (wk),
7 Vijay Shankar,
8 Washington Sundar,
9 Yuzvendra Chahal,
10 Shardul Thakur,
11 Jaydev Unadkat