Gossips

යල කන්නයේ සිට පොහොර මිටියක් රුපියල් 500 කට

යල කන්නයේ සිට කුඹුරු වගාවට අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අමතරව, අතිරේක භෝග වගා සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කට ලබාදීමට තීරණය කර ඇති බවයි.
ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන තිබෙනවා.