Gossips

පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.
මෙයින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අද (14) දින අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (14) උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.
මෙම පිරිස සමග එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානාවල පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම පිරිස අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු අප වාර්තාකරුට පවසා තිබෙනවා.
මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බවයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.