Gossips

ජනපති සහ ජපාන අගමැති අතර හමුව අද

ජාතික ආරක්ෂාවට, සමගියට හානි වන ආකාරයේ සහ අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරයන් සිදුවීම පාලනයට අදාළ සමාගම් සමග සාකච්ඡා කිරීමට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජපානයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ශ්‍රී ලාංකිකයික් ඊයේ (13) හමුවූ අවස්ථාවේදියි.
මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල සංචාරයේ තුන්වන දිනය අදයි.
ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ ජනාධිපතිවරයා අද (14) දිනයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධීපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.