සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෙසු ආරක්ෂක අංශ විසින් උතුර පළාත තුළ පවත්වාගෙන යන පෙර පාසල් එම පළාත් සභාව යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.
ඒ, උතුර පළාත් සභාවේ ඊයේ (13) පැවති මාසික රැස්වීම අතරතුරයි.
ඊට අදාළව මීළඟ පළාත් සභා රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එහිදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ දැනට පවත්වාගෙන යන උතුර පළාතේ පෙර පාසල් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතට පවරාගැනීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂය විසින් එවන් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී ඒ.ජයතිලක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.