Gossips

මිද්දෙණියේදී ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මිද්දෙණිය – ලබුහේන්ගොඩ ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරින් ඊයේ (13) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
මොහු සතුව තිබූ මිලිමීටර් 9 ජීව උණ්ඩ 7 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 150 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.