Gossips

බෝම්බ නිෂ්පාදිතයෙකු සොයා ඇමරිකානු පොලීසිය මෙහෙයුමක

ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ බෝම්බ නිෂ්පාදිතයෙකු සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පසුගිය කාලසීමාව තුළදී එම ප්‍රාන්තයේ නිවාස දෙකක් ඉදිරිපිට තිබූ බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් පිපිරීමෙන් අවුරුදු 17 ක සිසුවෙකු සහ 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් අනතුරුවයි එරට පොලීසිය එම මෙහෙයුම් ආරම්භ කරනු ලැබූවේ.
මෙම බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල් සකස් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් 65,000 ක ත්‍යාග මුදලක් ලබාදීමට ද එරට පොලීසිය කටයුතු සූදානම් කර තිබෙනවා.