Gossips

පුද්ගලයෙකුගේ ජීවිතය උදුරාගත් ගිලන් රථය (ඡායාරූප)

මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී රෝගීයෙකු රැගෙන ගිය ගිලන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (13) රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුලතිව් පොලිසිය පැවසූවේ මුලතිව් මාන්චෝලෙයි රෝහලේ සිටි වැලිඔය රෝහල දක්වා රෝගියෙකු රැගෙන ගිය ගිලන් රථයක් යතුරුපැදියේ ගැටී ඇති බවයි.
මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක් අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අඳුරත් සමඟ අධික වේගයෙන් ධාවනය වු ගිලන් රථ‍යේ ගැටී මියගිය යතුරුපැදිකරුගේ සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය