Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සවිකරන්න යන විශේෂ උපකරණය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.
මේ තරඟාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා පරිඝනක මෘදුකාංගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති අතර එම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිතා කල මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ මෘදුකාංගය සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.
GPS උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරග පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.
එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.