Gossips

අඩුපීඩනය පීඩන අවපාතයක් වෙයි

දිවයිනට නිරිත දෙසින් පැවති අඩුපීඩන තත්ත්වය, පීඩන අවපාතයක් බවට පත්ව තිබෙනවා.
එහි බලපෑම හේතුවෙන් හම්බන්තොට සිට ගාල්ල හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර වේගයකින් සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මෙම පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගොස් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලිමීටර 135 ක වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ පොළොන්නරුව – අංගමැඩිල්ල ප්‍රදේශයෙන්.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොසලකා ඊයේ මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ‘‘සතිෂ් පුතා’’ යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්වූ ධීවරයින් තුන්දෙනා මෙතෙක් සොයාගෙන නැහැ.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මේ වනවිටත් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියා.