Gossips

පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටිනවා – තෙවරප්පෙරුම

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් බලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
කලුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
– පාලිත තෙවරප්පෙරුම
– කට්ටියක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැමති කට්ටියක්. කෝට් ඇඳගත්තු. තව කට්ටියක් සරම් ඇඳගත්තු කට්ටියට කැමැත්තෙන් ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නේ අපේ එක්කෙනා නායකයා කරන්න. ඉතින් දිලිප් වෙදආරච්චි ඇමතිතුමාට නායකයෙක් ඉන්නේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම හිතන්නේ එතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන්න ඇති. අපි කැමති එතුමාට.ඒ එතුමාගේ චිත්‍රය. දැන් අකිල විරාජ් මන්ත්‍රීතුමා ඉන්නවා කුරුණෑගල. අකිලට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චිත්‍රය. තව එක්කෙනෙකුට අපේ ජෙනරල් ෆොන්සේකාගේ චිත්‍රය තියෙනවා. අපේ බණ්ඩාරගමත් ඉන්නවා රටේ නායකයෙක් වෙන්න අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ඒ තව චිත්‍රයක්. හැබැයි අපි හැමෝම කැමතියි. රටට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන රටේ සම්පත්වලට ආදරය කරන බොරු කරන්නේ නැති පක්ෂ හදන්නේ නැති. රටත් හදන ජාතියත් හදන නායකයෙක් බිහි වෙනවානම් එකම පැතුම ඒක තමයි.
ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනද?
– එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙමෙයි හැම පක්ෂයකම නායකත්වයේ වෙනසක් සිද්ද වෙන්න ඕන. මේ රටේ 1948 න් පස්සේ මොනවාද දියුණු වෙලා තියෙන්නේ. හොරකම විතරයි දියුණු වෙලා තියෙන්නේ. අපේ රටේ අර ප්‍රජාතන්ත්‍රවාදය එකට දාගෙන සංවර්ධනය දෙකට දාගෙන නීතිය තුනට දාගෙන රට අද ඔක්කෝටම කෙළවිලා තියෙන්නේ. රනිල් දිහා බලාගෙන ඉඳලා මෛත්‍රීපාල දිහා බලාගෙන ඉඳලා රාජපක්ෂ දිහා බලාගෙන ඉඳලා මේ රට දියුණු කරන්න බැහැ. හරි නායකයෙක් මේ රටේ බිහිකරගන්න ඕන.