Gossips

සුළගේ වේගය වැඩි වෙයි

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ සමග සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශය රළු වීමට වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.