Gossips

ළමා අපයෝජන සිදුවීම් 1532 ක් ගැන විමර්ශන ආරම්භ කරයි

වසරේ ගතවූ මාස 2 තුළ කායික, මානසික, ලිංගික හා නොසලකාහැරීම ආදී වශයෙන් සිදුව ඇති ළමා අපයෝජන සිදුවීම් 1532 ක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ළමයින් කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්.
අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමට අදාළ පැමිණිලි 241 ක් ද එහිදී වාර්තාවී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙලෙස වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින්.