Gossips

මුහුණු පොත වෙනුවෙන් සමාජ මාධ්‍ය එක්වෙයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම අවහිර කර අදට දින 07ක් ගත වුවත්, තවමත් රජය ඒ සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් කර නැහැ.
මේ අතර, මෙම අවහිර කිරීමට එරෙහිව තීරණයක් ගැනීම සඳහා අද (13) සමාජ ජාල එකමුතුව කොළඹ දී රැස් වුණා.
එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ කඩිනමින් රජය ඊට නිසි විසඳුමක් ලබාදිය යුතු බවටයි.
මේ අතර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීම අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරනවා.
වගකීමකින් තොරව සමාජ මාධ්‍ය හැසිරීම වැරදිසහගත බවත්, එහෙත් සමාජ මාධ්‍ය අවහිර කිරීම අසාධාරණ බවත් ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එහි කැදවුම්කරු සී.දොඩාවත්ත කියා සිටියා.
මහනුවර ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයත් සමග ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ පුවත් පළ වීම සහ හුවමාරු වීම නිසා සමාජ මාධ්‍ය වලට පිවිසීම විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාව විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ පසුගිය බදාදායි.
ඒ අනුව ෆේස්බුක්, වට්ස් ඇප්, සහ වයිබර් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීම අත්හිටුවනු ලැබුවා.
මේ අතර, වෛරී ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනයෙන් නිල ප්‍රකාශයක් රජයට ලැබෙන තෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇති බවටයි රජයේ අමාත්‍යවරයෙකු ඊයේ(12) ප්‍රකාශ කළේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් ආයතනය කිසියම් කාලයක් ඉල්ලා තිබෙනවා.
ඒ, සිංහල දැනුම ඇති ප්‍රමාණවත් සේවක පිරිසක් සමාගමේ නොමැති වීම හේතුවෙන්.