Gossips

නේපාල ගුවන් අනතුරට හේතුව සන්නිවේදනයේ වැරැද්දක් බවට තොරතුරු

පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මරු කැදවමින් නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේදී බංග්ලාදේශ ගුවන් යානයක් ඊයේ (12) අනතුරට ලක්වූයේ යානයේ නියමුවන් සහ ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සන්නිවේදන වැරැද්දක් බව හෙළි වී තිබෙනවා.
ගුවන් යානය 20 වන ධාවන පථයේ ගොඩ නොබස්සවන ලෙස පාලක මැදිරියෙන් සිදුකළ දැනුම්දීම නියමුවන් වටහාගෙන ඇත්තේ දෙවන ධාවන පථයේ එලෙස යානය ගොඩ නොබස්සවන ලෙස දැනුම්දීමක් ලෙසයි.
එමෙන්ම නියමුවරියක රැගෙන ආ ගුවන් යානයේ සන්නිවේදන කටයුතු ගොඩබැස්සවීමට ආසන්නයේදී නියමුවෙකු භාරගෙන ඇති බවයි පටිගත කළ සන්නිවේදනයන්ට සවන් දීමේදී හෙළි වී ඇත්තේ.
ඊයේ (12) මෙම යානය කත්මණ්ඩු ගුවන් තොටුපළ ආසන්නයේ පාපන්දු පිටියකට කඩා වැටී ගිනි ගැනීමකට ලක්වූ අතර, තුවාල ලැබූ 22 දෙනෙකු රෝහල් ගත කෙරුණා.