Gossips

කිලිනොච්චියේ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)

කිලිනොච්චිය පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වීමෙන් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ (12) සවස මේ අනතුර සිදුවී ඇති බවයි කිලිනොච්චිය පොලීසිය පැවසුවේ.
රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවිම නිසා අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.