Gossips

සිරියාවට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධානය කියයි

සිරියානු සහ රුසියානු හමුදා සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ නම්, ඊට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා.
කැරළිකරුවන්ට එරෙහි සිරියානු හමුදා මෙහෙයුම්වලට රුසියාව අඛණ්ඩව සහාය දක්වන අතර සටන් විරාමයට ද එකඟත්වය පළ කර තිබුණා.
කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා කියා සිටියේ විශේෂයෙන් ඩමස්කස් අගනුවර ආසන්නයේ ගූටා ප්‍රදේශයේ සිරවී සිටින සිවිල් වැසියන් තවදුරටත් ප්‍රහාරවලට ගොදුරු වන බවයි.