Gossips

ඌව – වෙල්ලස්සේ අධ්‍යයන කටයුතු නවතී

බෝ වන රෝගයක් පැතිරීම හේතුවෙන් ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දින නියමයකින් තොරව නතර කිරීමට පාලන අධිකාරිය අද(13) තීරණය කළා.
පසුගිය සතියේ සිසුන් 29 දෙනෙකුට මෙම රෝගය වැළදී තිබූ බවයි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී එම්.එස්.එච්. කරීම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, සියලූම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද(13) දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් 14 වන දිනටත් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකළ ද බලධාරීන්ගෙන් තම ගැටළුවලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ පරිපාලන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.