Gossips

ඇමරිකාවට යළිත් හිම කුණාටුවක්

සතියක් ඇතුළත දෙවන වරටත් ඇමරිකාවට අද (13) හිම කුණාටුවක බලපෑම සිදුවන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා.
ඒ අනුව ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 36ක් පමණ ජනතාව පීඩාවට පත්වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මහාවිල් ප්‍රදේශයෙන් නිර්මාණය වූ පද්ධතියක්, අත්ලාන්තික් සාගරයෙන් නික්මෙන පද්ධතියක් හා ගැටීමෙන් මෙම හිම කුණාටුව ප්‍රචණ්ඩ විය හැකි බව සඳහන්.
එහිදී ඊසානදිග නිව් – ජර්සි ප්‍රදේශයේ සිට දකුණේ ‘මේන් ’ නගරය දක්වා හිම තට්ටුවකින් වැසී යා හැකි බව කාලගුණ අංශ සඳහන් කළා.