Gossips

ජීවයේ පැවැත්මට සුදුසු සුපිරි පෘථිවියක් සොයා ගැනේ

සූර්යග්‍රහ මණ්ඩලයට ආසන්න තාරකා මඩුල්ලක ජීවයේ පැවැත්මට සුදුසු සුපිරි පෘථිවියක් ලෙස හැදින්විය හැකි ග්‍රහලෝකයක් ඇතුළු නව ග්‍රහලෝක 15ක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
ජපාන තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් ලද තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන්.
ඒ සඳහා ඔවුන් හවායි දූපතේ පිහිටුවා ඇති සුබාරු දුරේක්ෂය මෙන්ම ස්පාඤ්ඤයේ නෝඩික් ඔප්ටිකල් දුරේක්ෂය හෙවත් නොට් දුරේක්ෂය ද යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.