Gossips

චාවකච්චේරියෙන් ගොඩගත් නිළ ඇඳුම් (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි, මරුතඩි ප්‍රදේශයේ තිබි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් භාවිත කළ නිළ ඇඳුම්වලට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සහ පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් ඊයේ (12) සො‍යාගෙන තිබෙනවා.
චාවකච්චේරි පොලිසිය පැවසුවේ ජල නළ පද්ධතියක් එලීම සඳහා කාණු කැපීමක දී වළදමා තිබු නිළ ඇදුම් සහ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවයි.
නිළ ඇදුම් කොටස් හමුවීමෙන් අනතුරුව කැනීම් සිදුකළ පුද්ගලයා ඒ පිළිබදව යාපනය, චාවකච්චේරි පොලිසිය දැනුවත් කර ඇති අතර අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අදාළ පුපුරණ ද්‍රව්‍ය කොටස් හමුවූ බවයි පොලිසිය පවසන්නේ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කොටස් සහ ඇඳුම් කොටස් අද (13) චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අධිකරණ නියෝග අනුව අදාළ ස්ථානයේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සඳහන්.
සිද්ධිය සම්බන්ධනේ චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ