Gossips

හිරු ගමින් ගමට අද එපිටගොඩට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (12) ක්‍රියාත්මක කෙරුණේ කලවාන – වැලිකුඹුර ප්‍රදේශයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද (13) පැවැත්වෙන්නේ ඇඹිලිපිටිය – එපිටගොඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.
එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.